Health
වැසි කාලයේදී ආත්රයිටිස් රෝගය කළමනාකරණය කරන හැටි
ප්රශ්නය - වැසි සමය ආරම්භ වී තිබෙනවාග මෙය ආත්රයිිස් රෝගීන්ට එතරම් සුභදායක කාලයක් නොවෙයි නේදරෑ
වෛද්‍ය වසන්ත උදයජීව - ඔබේ ප්‍රශ්නයට පිළිතුර මේ ආකාරයෙන් අර්ථකථනය කරන්නට පුළුවන්ග සමහර ආත්රයිටිස් රෝගීන්ට සීතල හොඳ නැහැග සමහරුන්ට රස්නෙ හොඳ නැහැග රස්නෙ කියන්නේ වියලි කාලගුණයග සාමාන්‍යයෙන් ලංකාවේ වියලි කාලගුණය තුළ බොහෝ විට තෙතමනය තිබෙනවාග පරිසරයේ තිබෙන වාතයේ ආර්ද්‍රතාව(Moiture) 85% දක්වා නඟනිවාග අන්නඒ ආකාරයට වියළි කාලගුණය තුළ තෙතමනය තිබීම සුදුසු නැහැග මොකද මේ තෙතමනයන් බොහෝ විට උණුසුම්ග එය තමයි නරකග
ප්රශ්නය - මෙවැනි කාලයකදී ආත්රයිටිස් රෝගීන් පැවතිය යුතු විදිය කුමක්දරෑ
වෛද්‍ය වසන්ත උදයජීව - අපගේ මේ ලිපි මාලාව කියෑවූ ඔබ දැනටමත් දන්නවාග ආත්රයිටිස් රෝගියකු පැවතිය යුත්තේ කොයි විදියට ද කියලාග ඔහු හෝ ඇය ඉතා පරෙස්සම් සහගත ජීවිතයක් ගත කළ යුතුයිග මා මුලින් කියූ පරිදි අධික ශීතලට හෝ අධික රස්නයට නිරාවරණය නොවී මධ්‍යස්ථ තත්ත්වයක් යටතේ සිටිය යුතුයිග ස්නානය කළ යුත්තේ දහවල් 12 ට කලින්ග ඒත් හොඳින් ඉර පායන දවසකග දහවල් 12 කලින්ග ඔබ ස්නානය කළ යුත්තේ උණු වතුරෙන් ද ඇල් වතුරෙන්ද කියන එක තීරණය කරන්නේ ඔබේ වෛද්යවරයාග ඒ අතර පහත සඳහන් කසාය පාලනය කළොත් ඉතාම හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්ග
කසාය - බෙලිමුල්ල පාවට්ටා මුල්ල සාරාණ මුල්ග බෙහෙත් එඬරු මුල්ග කටු කරඳ මුල්ල නෙල්ලිල රසකිඳල අරත්ත අලල දේවදාරල ඇහැල පොතුල තිප්පිලි යනාදිය කලං එක බැගින් ගන්නග මෙය පත අට එකට හිඳුවා සීනි හෝ මී පැණි දමා උදේ සවස පත භාගය බැගින් පානය කළ යුතුයිග අප පසුගිය සතිවල ඔබට නිර්දේශ කළේ දින 6 ක් එහෙමත් නැත්නම් කසාය හැලි 6 ක් පානය කළ යුතු කසායක්ග එහෙත් මේ කසාය හැලි 12 ක් පානය කළ යුතුයිග ඖෂධයේ නියම ගුණය ගන්න නම් කසාය තැම්බීමට පෙර ඖෂධ වර්ග හොඳින් සෝදා කුඩා කැබලිවලට කපා ගත යුතුයිග ඉන් පසු මැටි මුට්ටියක කසාය තැම්බිය යුතුයිග
ඉහත සඳහන් කසායේ තිබෙන ඖෂධ වැඩි හරියක ප්‍රතිජීවක ගුණය තිබෙනවාග විශේෂයෙන් සාරණල කටුකුරුඳුල අරත්තග දේවදාරල ඇහැල පොතු යනාදිය තුළ ඇති ප්‍රතිජීවක ගුණය ඉතාම ඉහළයිග සෙසු ඖෂධවල තිබෙන්නේ ඉතා ඉහළ වේදනා නාශක ගුණයක්ග
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks